
පුද්ගල ජාවාරමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF) සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ සහයෝගයෙන්, තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාරයක්
දියත් කළේය. ජපාන රජයේ ආධාරයෙන්, අවදානමට ලක්වූ ප්‍රජාවන් සහ සංක්‍රමණිකයන් හට සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2.6ක ව්‍යාපෘතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන තැනැත්තන් වෙළෙඳාමේ අන්තරාදායක තත්ත්වයන් ඉස්මතු කරන අතර තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ සැක සහිත සිද්ධීන් අදාළ අංශවලට වාර්තා කිරීම දිරිමත් කරයි.
බලහත්කාර ශ්‍රමය සඳහා තැනැත්තන් වෙළෙඳාමේ යෙදීම, ලිංගික සූරාකෑම, ළමා ශ්‍රමය සහ සයිබර් වංචා සිද්ධීන්වල දී බලහත්කාර අපරාධ ඇතුළු විවිධ අවස්ථාවන් හා සම්බන්ධ තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ ප්‍රජාවන් දැනුවත් කිරීම මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණ වන අතර තැනැත්තන් වෙළෙඳාමට එරෙහිව සටන්
කිරීමේ අවශ්‍යතාවය මෙන්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සූරාකෑමෙන් ආරක්ෂා කිරීමේ හදිසි අවශ්‍යතාවය ද අවධාරණය කිරීමට මෙමඟින් උත්සාහ දරයි.
මෙලෙස බහු මාධ්‍ය යොදා ගනිමින් සිදුකරනු ලබන ප්‍රචාරණ ව්‍යාපාරය රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ප්රමුඛ කොට ගත් මාධ්‍ය ඔස්සේ විකාශනය කෙරෙන අතර, මෙය තැනැත්තන් වෙළෙඳාමට හසුවී මිදුණු අයගේ සැබෑ ජීවිත අත්දැකීම්වලින් පෝෂණය වූ කතාවලින් සමන්විත වේ. මෙම ප්රචාරක ව්‍යාපාරය සංක්‍රමණික සේවකයන් අවදියෙන් සිටිය යුතු සහ ඔවුන් අනුගමනය කළ යුතු විවිධ අවදානම්
පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමට උපකාරී වන ඇති අතර, පුළුල් ලෙස සමාජගත වීම සඳහා ඉලක්කගත දිස්ත්‍රික්කවල දැන්වීම් පුවරු හරහා මෙම ව්‍යාපාරය තවදුරටත් පුළුල් කෙරේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස මෙන්ම NAHTTF හි සභාපති ලෙස කටයුතු කරන එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා මේ පිළිබඳ අදහස් දැක්වීමේ දී, “තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය ලෙස, අපි සියලු පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ ගරුත්වය ආරක්ෂා කිරීමට කැපවී සිටින අතර, මෙම මාධ්‍ය ප්රචාරක ව්‍යාපාරය තැනැත්තන් වෙළෙඳාමට එරෙහිව සටන් කිරීම සඳහා අපගේ සාමූහික වගකීම අවධාරණය කරයි. මෙම කර්තව්‍යයේ දී අප අරමුණ වනුයේ දැනුවත්භාවය වැඩි කිරීමෙන් සහ විවිධ අංශ අතර සහයෝගීතාවය වර්ධනය කිරීම තුළින් සූරාකෑමට අවකාශයක් නොමැති, අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන සහ තැනැත්තන් වෙළෙඳාමට හසුවී මිදුණු අයට ලැබිය යුතු සහයෝගය ලැබෙන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමයි” යනුවෙන් සඳහන් කළේය.