අමෙරිකාවේ මිචිගන් ප්රාන්තයේ දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් සහ ගින්නකින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවයි බලධාරීන් පවසන්නේ.
මරණයට පත් ඇතැම් පුද්ගලයින් තවමත් හඳුනාගෙන නැහැ.
ගින්නෙන් දේවස්ථානයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. ප්රහාරය සඳහා පැමිණි පුද්ගලයා පොලිස් නිළධාරීන් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගිය බවයි වාර්තා වන්නේ.
ඔහු, තෝමස් ජේකබ් සැන්ෆර්ඩ් ලෙස හඳුනාගෙන තිබෙනවා.
FBI සංවිධානය පවසන්නේ, මෙය ඉලක්කගත ප්රචණ්ඩ ක්රියාවක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය ක්රියාත්මක අතර තුවක්කුකරුගේ අරමුණ කුමක්දැයි තවමත් පැහැදිලි නැහැ. ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසන්නේ මෙය ඉතා බිහිසුණු ක්රියාවක් බවයි.
