රුපියල් 28 කෝටි තිස්තුන් ලක්ෂයක මුදලක් සහ වාහන දෙකක් සමග සැකකරුවෙකු මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදු කළ වැටලීමකින්.
සැකකරු, වයස අවුරුදු 40 ක් වන ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
විදේශයක සැගව සිටින බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග මෙම සැකකරු සම්බන්ධතා පවත්වමින්, ඔහුගේ උපදෙස් අනුව මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙම මුදල් එකතු කර ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.
අදාළ වාහන මිලදී ගෙන ඇත්තේ ද එම මුදල්වලින් බවයි, වැඩිදුර විමර්ශනවලදී හෙළි වී තිබෙන්නේ. සැකකරු, අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.