ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස් විය.
මින් පෙර පැවති සාකච්ඡාවල ප්‍රගතිය සහ උතුරු ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරු සහ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු මතු කළ කරුණු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීමේදී මෙන්ම වසා දමා ඇති මාර්ග කොටස් විවෘත කිරීමේදී මතුව ඇති ගැටලු හා ඊට ලබා දිය හැකි සාධනීය විසඳුම් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
