දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් ටෙහෙරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් අමෙරිකානු නාවික අවහිර කිරීම් ආරම්භ වී තිබියදීත්, නව එකඟතාවකට පැමිණීමට ඉරානයට තවමත් අවස්ථාව පවතින බව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය ‘මුහුදු මංකොල්ලකෑමක්’ ලෙස හඳුන්වමින් ඉරාන රජය චෝදනා කරන අතර, එම අවහිරතාවලට එරෙහිව දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් ටෙහෙරාන් නුවරට රැස්වෙමින් විරෝධතාවල නිරත සිටිනවා.