පකිස්ථාන ඉල්ලීමට අමෙරිකාවෙන් යහපත් ප්‍රතිචාරයක්

සාකච්ඡාවල ප්‍රගතියක් ලබනතුරු ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඉරානය “ඒකාබද්ධ යෝජනාවක්” ඉදිරිපත් කරනතුරු නාවුක ගමනාගමනය අවහිර කිරීම ද අඛණ්ඩව පවතිනු ඇති බවයි ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

පකිස්ථානයේ ඉල්ලීමකට අනුව සහ ඉරාන නායකත්වයේ අභ්‍යන්තර බිඳවැටීම් හමුවේ මෙම පියවර ගත් බව අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

වත්මන් සටන් විරාමය ඊයේ අවසන් වීමට නියමිතව තිබුණා.

අමෙරිකා – ඉරාන සාකච්ඡා ඉතා අස්ථාවර වූයේ ආමරිකාව ඉරාන නාවුක ගමනාගමනය අවහිර කිරීම සහ ඉරාන නෞකාවක් සිය බාරයට ගැනීමත් සමඟයි.

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් කළ ඉල්ලීමකට අනුව, ඉරානයට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ