ශ්‍රී ලංකා – ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.

IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් සහ IRIS Dena නෞකාවේ කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් ඉරාන නාවික නිලධාරීන්ගේ මළ සිරුරු ඉරානයට ආපසු භාරදීමට සහාය වීම පිළිබඳව  ඉරාන විදේශ අමාත්‍යවරයා එහිදී  කෘතඥතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ