ජීව අත්බෝම්බයක් හා ජීව පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇටවීරගොල්ලෑව, කෝන්ගොල්ලෑව ප්රදේශයේදී ඊයේ (27) දින සවස ජීව අත්බෝම්බයක්, T56 ජීව පතරොම්52 ක් හා 09mm ජීව පතරොම් 30 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇත.
ඒ ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
සැකකරු වයස අවුරුදු48ක් වන ඇටවීරගොල්ලෑව ප්රදේශයේ පදිංචි හිටපු යුධ හමුදා සෙබලෙකි.
ඇටවීරගොල්ලෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
