සරසවි සිහිනය සැබෑ කරමින් අයදුම්පත් භාරගැනීම ඇරඹේ

2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2025/26 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (28) සිට මැයි 19 දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරනවා.

2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් හිමිකරගෙන තිබෙනවා.

මෙවර උසස් පෙළ සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් සංඛ්‍යාව 281,810 ත්. මේ අතර අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 30,000කට අධික සංඛ්‍යාවක් සියලු විෂයන් අසමත් වී තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ගත් සිසුන් පාසල් සිසුන් ගණන 7,477ක් වන අතර, එය 3.38%ක ප්‍රතිශතවක්. පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකු ද සියලුම විෂයන් සඳහා A සාමාර්ථ තිබෙනවා.