රාජ්‍ය සේවයට නව පණක්

රාජ්‍ය ආයතන සඳහා තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බඳවාගෙන ඇති සේවකයින්හට ස්ථීර පත්වීම් ලබා දීම

රාජ්‍ය සේවය, පළාත් රාජ්‍ය සේවය, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා ආයතනවල සේවය සඳහා තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකයන් 9,800කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යෙදී සිටින බව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනා අංක 33.11 මඟින් ඔවුන්ට ස්ථීර පත්වීම් ලබා දීමට ගරු ජනාධිපතිතුමා විසින් යෝජනා කරන ලදී.

ඒ අනුව, එම සේවකයින් වෙත ස්ථීර පත්වීම් පිරිනැමීමට අදාළ විධිවිධාන ඇතුළත් චක්‍රලේඛය නිකුත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.