දැනුම බෙදන ‘සුහුරු කෘෂිකර්ම’ මධ්‍යස්ථානය

බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු දේශගුණික ‘සුහුරු කෘෂිකර්ම’ මධ්‍යස්ථානය ඊයේ (27) විවෘත කෙරුණා.

ඒ, අමාත්‍ය කේ ඩී ලාන් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු‍ දෙන නවීන කෘෂි කාර්මික තාක්ෂණය ගොවි ජනතාව අතරට රැගෙන යාම එහි අරමුණයි.

නව මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන්නේ, ලෝක බැංකු ආධාර යටතේයි. එමගින් ලෝකයේ පවතින දේශගුණික විපර්යාස හමුවේ වගා කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම මෙන්ම, උපදෙස් ගොවීන්ට ලබාදීම සිදු කෙරෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.