“ඒහිපස්සිකෝ“ ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදට (28) යෙදී තිබෙනවා.
අද (28) දහවල් 12ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන සාම පාගමන නිදහස් චත්‍රරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.
අනතුරුව පස්වරු 4ට නිදහස් චත්‍රරස්‍රයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිතයි.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පඤ්ඤාකර හිමි ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළය නිල වශයෙන් භාර දීම භාර දීම සිදුකෙරුණු ඇත.
නැවත ප.ව.5.30ට ආරම්භ කෙරෙන පා ගමන ප.ව. 7.00ට ගංගාරාම විහාරස්ථානයෙන් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය, ‘Clean Sri Lanka’ වැඩසටහන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික නිර්මාණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන රැසක් මෙම වැඩසටහනට සහාය ලබා දෙනවා.
