මියන්මාරයේ දකුණු මුහුදු තීරයේද අද උදේ තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇතැයි බව තායිලන්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ භූමිකම්පා නිරීක්ෂණ අංශය පවසනවා.
එය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.3ක් ලෙසයි.
මියන්මාර වෙරළ තීරයේ සිට කිලෝමීටර 10 ක ගැඹුරකින් මෙම භූමිකම්පාව හටගෙන ඇති අතර, ඉන් මිනිත්තු කිහිපයකට පසුව රික්ටර් මාපක 3.2 ක අගයකින් යුත් පසු කම්පනයක් ද වාර්තා වුණා.
භූ චලනයත් සමඟ තායිලන්තයේ බැංකොක් සහ චියැං මායි යන නගරවල පිහිටි උස් ගොඩනැගිලිවල සිටි ජනතාවට දැඩි කම්පනයක් දැනී ඇති අතර, බොහෝ දෙනෙකුට සුළු කරකැවිල්ලක් වැනි තත්ත්වයක් ද ඇතිවූ බවයි වාර්තා වන්නේ.
