අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් සහ නුවරඑළිය පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර

මධ්‍යම පළාතට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවල පිහිටි පාසල් අවශ්‍යතාවය පරිදි වසා තැබීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ප්‍රදේශයට පවතින දැඩි වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.