පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන 33 වැනි ආසියාන් කලාපීය වේදිකාවට (ARF) සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ බ්‍රසීල විදේශ අමාත්‍ය මවුරෝ වීරා (Mauro Vieira) මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් අද (23) පැවැත්වුණා.
කෘෂිකාර්මික ක්ෂේත්රයේ සහයෝගීතාව වර්ධනය කිරීම ඇතුළුව ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අමාත්‍යවරුන් දෙපළ මෙහිදී නැවත තහවුරු කළහ.
ශ්‍රී ලංකාවේ උක් වගා කර්මාන්තයේ සංවර්ධනය උදෙසා තාක්ෂණික සහාය ලබා දීමට බ්‍රසීලය ඉදිරිපත් වීම පිළිබඳව අමාත්‍ය හේරත් මහතා සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
