ඉන්දීය උප ජනපති සී.පී. රාධාක්‍රිශ්ණන්, ජනපති අනුර හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපති C.P. රාධාක්‍රිෂ්ණන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බව සඳහන්.

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිශ්ණන් මහතා අද (19) දිවයිනට පැමිණියා.

එතුමා සමග දූත 49 දෙනෙකුදගෙන් සමන්විත ධූත පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටින අතර ඉන්දීය ගුවන් සේවයේ INDIA – 01 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිරිස පැමිණ තිබුණා.

ඉන්දීය ධූත පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණ සිටියා.

මෙම නිල සංචාරයේ දෙවන දිනය වන හෙට (20) දින ඉන්දීය උප ජනාධිපතිවරයා නුවරඑළිය ප්‍රදේශයේ ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වීමට නියමිත අතර, එහිදී මලෛයගම් ප්‍රජාව හමුවීමටද සැලසුම් කර තිබෙනවා.

නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සිය දෙදින නිල සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතයි.