රුපියල් මිලියන 25ක් වැය කරමින් සංවර්ධනය කළ එරාවුර් පොදු වෙළඳපොළ ජනතා අයිතියට පත් කෙරුණා.
එරාවුර් පොදු වෙළඳපොළ විවෘත කිරීමේ උත්සවය පුන්නකුඩා ප්රදේශයේ දී පැවැත්වුණේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්රධානත්වයෙන්.
පසුගිය කාලයේ සංවර්ධන කටයුතු අතහැරදමා තිබූ මෙම වෙළදපල වත්මන් රජය විසින් සංවර්ධන කටයුතු ආරම්භ කර වසර එකහමාරක් තුළ ජනතා අයිතියට පත් කිරීමට පියවර ගත් බවයි පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසුවේ.
පොදු වෙළඳපොළ සංවර්ධනය කිරීම තුළින් ප්රදේශයේ ව්යාපාරික ජනතාවට බලපෑ ගැටලු කිහිපයකට විසඳුම් හිමිවනවා.
