මහරගම නිවසක ගින්නකින් පුද්ගල මරණ 03ක්

මහරගම ප්‍රදේශයේ දෙමහල් නිවසකට එම නිවසේ හිමිකරු ගිනි තැබීම හේතුවෙන් එකම පවුලේ මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මව 55 හැවිරිදි වියේ පසුවු අතර දියණිය 16 හැවිරිදි වියේ පසුවූ බවයි පොලිසිය පැවසුවේ.

මව සහ දියණිය මහරගම ප්‍රදේශයේ කුලී පදනම මත මෙම නිවසේ රැඳී සිට තිබෙනවා.

එම නිවසේ අයිතිකරු විසින් නිවසට ගිනි තබා ඇති අතර නිවසේ කුලි මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් ගිනි තැබීම සිදුකර ඇති බවටයි වාර්තා වුණේ.

නිවසේ ඉහළ මාලයේ සිටි මව සහ දියණිය පිළිස්සුම් තුවාල සහිතව මිය ගොස් ඇති බව මහරගම පොලිසිය පැවසුවා.

ගිනි තැබීම සිදුකළ නිවසේ හිමිකරු වන 76 හැවිරිදි පුද්ගලයා ද බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.

බරපතල පිලිස්සුම් තුවාල ලැබූ දැරියගේ 46 හැවිරිදි පියා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර