අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, තමන් විසින් නම් කර ඇති “Board of Peace” මණ්ඩලය ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානය සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීම සඳහා එකඟතාවකට පැමිණ ඇති බවයි.
Truth Social ගිණුමෙහි පළ කළ සටහනකින් ට්‍රම්ප් සඳහන් කළේ, මෙය ඊශ්‍රායල–ගාසා යුද්ධය අවසන් කිරීම සඳහා යෝජනා කර ඇති “Trump 20-Point Plan” ක්‍රියාත්මක කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවයි.
ඔහුට අනුව, මෙම ගිවිසුම අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන අතර, නිරායුධකරණය ඉදිරියට යාමත් සමඟ ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වනු ඇත.
එමෙන්ම, ජාත්‍යන්තර ස්ථාවරකරණ බලකායක් සහ නව පලස්තීන පොලිස් බලකායක් එක්ව ගාසා ප්‍රදේශයේ ආරක්ෂාව භාර ගනු ඇත.
