ජීවිතය රැකගන්නා එන්නතක ශක්තිය

අප්‍රේල් (24) සිට 30 දක්වා ලෝක ප්‍රතිශක්තීකරණ සතිය ලෙස නම්කර තිබෙනවා.

ලංකාව ප්‍රතිශක්තීකරණය අතින් ඉතා ඉහළ තලයක පවත්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ පාලිත කරුනාපේම මහතා සදහන් කළා.

ඒ ඊයේ (22) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

1978 වසරේ සිට මෙරට ප්‍රතිශක්තීකරණ වැඩසටහන ක්‍රියාත්මක වන බවද එනිසා එන්නත් මගින් දරුවන් රෝග වලින් ආරක්ෂා වී ඇති බවද ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් පෝලියෝ වැනි රෝග ලංකාවෙන් තුරන් කිරීමට හැකියාවක් ලැබෙන බවත් එන්නත් මගින් විශාල වශයෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට හැකියාවක් ලැබෙන බවත් සඳහන් කළා.

මෙය පසුගිය අවුරුදු 50 තුළ අපගේ ආයුකාලය වැඩි වීමටද ළමයින්ගේ මරණ අනුපාතිකය අඩු වීමටද හේතු වී තිබෙනවා.

2012 වර්ෂයේ සිටයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අප්‍රේල් මාසයේ සමරනු ලබන්නේ.

ඊට සමගාමීව ඉදිරි මාසය තුළත් විශේෂ ක්‍රියාකාරකම් කිහිපයක් සිදුකිරීමට නියමිතයි.