දසුන්ට PLS වැසේ IPL ඇරේ

දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු PSL තරගාවලියෙන් ඉවත්ව IPL තරගාවලියට සහභාගීවීම හේතුවෙන්.

ඒ අනුව දසුන් ශානකට ලබන වසරේ පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

අදාළ තරගාවලියෙන් ඉවත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් බෙහෙවින් කනගාටු වන බවත් මේ පිළිබඳව පාකිස්තාන ජනතාවගෙන් සහ සුපර් ලීග් රසිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් දසුන් ශානක ප්‍රකාශ කර තිබෙනවා