පාකිස්තානය පරදා සිංහධේනුවෝ ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට

ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ ඊයේ ඩුබායි හිදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පාකිස්ථානය කඩුලු 4 කින් පරාජය කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 20 ඇතුලත කඩුලු 5 ක් දැවී ලකුණු 130 ක් රැස්කළා.

පිලිතුරු ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 18.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 134 ක් රැස් කරමින්.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ 7 වැනි අවස්තාව මෙයයි.

2024 වසරේ පැවැති 20/20 ආසියානු කුසලාන කාන්තා තරගාවලියේදී ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.