බංග්ලාදේශයේ දරුවන් දහසක් සරම්ප රෝගයට බිලි

බංග්ලාදේශයේ ව්‍යාප්ත වන සරම්ප රෝගයෙන් ළමයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

හදිසි එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වුවද දෛනිකව සැකකටයුතු රෝගීන් දහසක් පමණ හදුනාගන්නා බවයි වාර්තා වන්නේ.

කොවිඩ් වසංගත සමයේ නිසි ලෙස එන්නත් ලබා නොදීම සහ පසුගිය රජය එන්නත් ඇණවුම් ප්‍රමාද කිරීම මීට ප්‍රධාන හේතුව බවයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ.

දැනටමත් ළමයින් කෝටි 1.9කට වැඩි පිරිසකට එන්නත් ලබා දී තිබෙනවා. මඟහැරුණු ළමුන් සෙවීම සඳහා ලබන 26 වනදා සිට විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කරන බවයි බලධාරීන් පවසන්නේ.

රෝගීන් එක්ලක්ෂ අනූහතරදහසකට වැඩි පිරිසක් මේ දකවා වාර්තා වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මේ වසරේ වැඩිම සරම්ප රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බංග්ලාදේශයෙන්.

රෝගීන් වැඩිවීම හේතුවෙන් එරට රෝහල් පද්ධතිය ද දැඩි බලපෑමකට ලක්ව ඇ ති බවයි වාර්තා වන්නේ.