මුල් මාස හයට අපනයන ආදායම ඇ. ඩොලර් බිලියන 10 පසු කරයි

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හය තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බාහිර අංශයේ නවතම කාර්යසාධන වාර්තාවට අනුව, භාණ්ඩ අපනයනයේ වර්ධනයත් සමග සමස්ත අපනයන ආදායම සියයට 3.3 කින් ඉහළ ගොස් ඇති බවයි සඳහන්.

මේ අතර, ආනයන වියදම අපනයන ආදායමට වඩා වේගයෙන් ඉහළ යාම හේතුවෙන් වෙළෙඳ භාණ්ඩ හිගය ඇමෙරිකාන් ඩොලර් බිලියන 5.5 ක් දක්වා පුළුල් වී ඇති බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව, ඉන්ධන සහ මෝටර් රථ ආනයන වියදම් ඉහළ යාම බාහිර අංශයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත්, කෙසේ වෙතත් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ආදායම සියයට 23 කට වැඩි වර්ධනයක් පෙන්නුම් කරමින් ආර්ථිකයට ශක්තියක් වී ඇති බවයි සදහන් කළේ