ඇමෙරිකානු බැතිමතකු විසින් බුදු සසුනට ප්‍රථමවතාවට පුද දෙන ඓතිහාසික දේවස්ථානය
පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන්ගේ ආගමික සහජිවන ක්‍රියා පිළිවෙත පිළිබඳ පැහැදුණු ඇමෙරිකානු දොස්තර මහතකු විසින් ගෞතම බුදු සසුනට බ්‍රයන් ඔහායෝ නගරයේ දේවස්ථානයක් සිය ප්‍රථමවතාවට ගෞතම බුදු සසුන වෙත පුද කිරීමේ ඓතිහාසික දින ජුනි මස 20 වන දා දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු කිරීමට නියමිතයි.
ලෝක සාමය උදෙසා සාම පාගමනට පුරෝගාමි වූ පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ගේ සුරතින් මේ ඓතිහාසික දෙව්මැඳුර, “මෛත්‍රී විහාරය” නමින් බුදු සසුනට පුද දෙන්න නියමිතයි. මේ සඳහා දෙස් විදෙස් මහා සඟරුවන , විවිධ ආගමික නායකයින්, අධ්‍යාත්මික පූජකවරු ඇතුලු සම්භාවනීය බැතිමතුන් ඇතුලු බොහෝ දෙනා මේ සඳහා සහසම්බන්ධවන්නට නියමිතයි.
මේ ඓතිහාසික අවස්ථාවට සමඟාමීව ජුනි 19,20 දිනයන් හි පිරිස් සජ්ඣායනා පිංකම, මහා සංඝරත්නය උදෙසා දානය පූජා කිරීම, ධර්ම දේශනා, භාවනා වැඩසටහන්, සුරතල් සතුන් වෙනුවෙන් ආශිර්වාද එක් කිරීම ආදී ආමිස ප්‍රතිපත්ති පූජා පිංකම් රැසක් ඇතුළු සංස්කෘතීක පෙරහැර , සංස්කෘතීක කලා නර්තනයන් ද එදින සියලුම ආගමික බැතිමතුන්ට, සියලුම ජාතින්ට දැක බලා ගැනීමට අවස්ථාව සැලසේ.
