සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී (Miyon Lee) මහත්මිය අතර හමුවක් ඊයේ (16) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුව තිබෙනවා.
මෙම හමුවේ දී මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්රයේ වත්මන් තත්ත්වත් මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රයන් හි අනාගත ප්‍රවර්ධනය උදෙසා කොරියානු ජනරජය දක්වන සහයෝගය සහ ප්‍රදානයන් පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය විය.
ශ්‍රී ලංකාවේ ඉතා සමීප මිත්‍ර රාජ්‍යයක්වන කොරියානු රජය මෙරට ව්‍යාපෘති සඳහා ප්රමුඛ සහයෝගයක් ලබා දී ඇති බවත් KOFIH, KOICA සහ EDCFයන කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා සංවිධාන හරහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට ඉහළ දායකත්වයක් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී කොරියානු රජය සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු හා කාර්යක්ෂම බවත්, එ් හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට වඩාත් ඉහළ ඵලදායි ප්‍රතිඵල ලබාගත හැකි බවත්, ඉදිරියේ දී යෝජිත ව්‍යාපෘති ද සාර්ථක කරගැනීමට ඒ අනුව හැකිවනු ඇතැයි අමාත්‍යවරයා මෙහි දී සදහන්කර සිටියේය.
කොරියානු රජය දශක ගණනාවක සිට මෙරට සෞඛ්‍ය සහ අධ්‍යාපන, යන අංශ ඇතුළු ඩිජිටල්කරණ ව්‍යාපෘති මෙන්ම ක්ෂේත්‍ර ගණනාවකට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහයෝගීතාවය දක්වන බවත් වර්තමානයවන විට විශාල ගැටළුවක්ව පවතින මෙරට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යාපෘති රාශියක් කොරියානු ජනරජය මගින් ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ සියල්ලම වෙනුවෙන් දක්වන විශේෂ දායකත්වයට සිය කෘතඥතාවය ද කොරියානු රජයට පළකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනී මියෝන් ලී (Miyon Lee) මහත්මිය මෙහි දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා කොරියානු රජය ලබා දුන් දායකත්වය අඛණ්ඩව ඉදිරියටත් ලබාදීමට කටයුතුකරන බව ඉතා පැහැදීමකින් යුතුව පැවසුවාය.
කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමේ ( KOFIH) දායකත්වයෙන් ක්‍රියාත්මක වන ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව නඟා සිටුවීමේ ව්‍යාපෘතිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ ක්‍රියාත්මක ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව ද ඇය මෙහි දී දීර්ඝව අදහස් පළ කළාය.
එමෙන්ම මෙරට ජනමාධ්‍ය ක්ෂේත්රයේ අනාගත ප්රගමනය වෙනුවෙන් යෝජිත සැලසුම්වලට අවශ්‍ය සහයෝගය නිබඳව ලබා දෙන බවත් පැවසූ තානාපතිවරිය ශ්‍රී ලංකාව සුන්දර රාජ්‍යක් බවත් මහනුවර දළදා මාලිගාව, සීගිරිය වැනි ස්ථාන නැරඹීමට කොරියානු සංචාරකයින් මහත් ප්‍රියතාවයක් දක්වන බව ද සදහන් කළාය.
