14 වැනි සටනේ ජය ගෝල් ගැලන්ට්ස්

ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ජය ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ලකුණු 44 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 220 ක් රැස් කළා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 72 ක් රැස් කළේ පන්දු 34 කට මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 6 ක් ඇතුළත්. පන්දු යැවීමේදි දුෂ්මන්ත චමීර කඩුලු 5 යි.

පිළිතුරු ලෙස දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස් කිරීමට හැකිවු ලකුණු සංඛ්‍යාව 176 ක්.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 39 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී සචිදු කොළඹගේ කඩුලු 3 යි.

තරගාවලියේ සියලු තරග අයි නාලිකාවෙන් සජීව ලෙස නැරඹිය හැකියි.