බිංගිරිය, පඩිවෙල ප්රදේශයේ නිවසක ඊයේ (10) දින උදෑසන පුරුෂයා විසින් තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
බිංගිරිය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 61 ක්වූ පඩිවෙල ප්රදේශයේ පදිංචිකාරියෙකි.
මරණකාරිය හා පුරුෂයා අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුද ඇතිවූ අසනීප තත්ත්වයක් මත බිංගිරිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මියගිය සැකකරු වයස අවුරුදු 59 ක් වූ පඩිවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
