”Youth Link Sri Lanka” දේශීය තරුණ හුවමාරු වැඩසටහනේ දෙවන අදියර අද (11) පස්වරු 3.00ට මහර, වෑබඩ පුරාණ ගල් ලෙන් විහාරයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එම වැඩසටහන තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.
එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න ඇතුළු ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් සහ තරුණ හුවමාරු වැඩසටහනට සම්බන්ධ වන තරුණ තරුණියන් සහභාගි වීමට නියමිතයි.
මෙහි සත්කාරක දිස්ත්‍රික්කය ලෙස ගම්පහ දිස්ත්‍රික්කය කටයුතු කරන අතර සංක්‍රමණ දිස්ත්‍රික්ක ලෙස මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්ක කටයුතු කරනවා.
මෙහි පළමු අදියර මාර්තු මස 5 වැනිදා මඩකලපුවේ දී ආරම්භ වූ අතර, මේ වන විට උතුරු සහ නැගෙනහිර පළාත්හි වැඩසටහන් 20ක් ක්‍රියාත්මක කර තිබෙනවා.
