2026 අ.පො.ස උසස් පෙළ විභාගයේ උත්තර පත්ර පරීක්ෂකවරුන්ගේ අයඳුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, උත්තර පත්ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා වන මාර්ගගත අයදුම්පත් කැඳවීම පසුගිය ජුනි 09 වැනිදා සිට ආරම්භ වූ බවයි.
ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ පරීක්ෂකවරුන්ට සිය අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ලෙස ලබන ජුනි මස 22 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කළේ.