ගාලු මුවදොර මුහුදු තීරයේ දිය නෑමට ගිය ළමුන් හයදෙනෙකු ඊයේ (10) දින සවස දියේ ගිලී ගසාගෙන ගොස් තිබෙනවා.
අවට සිටි පුද්ගලයින්, පොලිස් නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් එක්ව ඉන් ළමයි පස්දෙනෙකු බේරාගෙන කොළඹ ජාතික රෝහලට ළමුන් දෙදෙනෙකු හා රිඡ්වේ ආර්යා රෝහලට ළමුන් තිදෙනෙකු ඇතුලත් කර ඇති අතර එක් ළමයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇත.
ජාතික රෝහලට ඇතුලත් කළ වයස අවරුදු 11 ක් වූ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි එක් ළමයෙකු පසුව මියගොස් ඇත.
දියේ ගිලී අතුරුදන් වූ වයස අවුරුදු 10 ක් වූ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ළමයා සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් සෝදිසි මෙහෙයුම් සිදුකරන අතර කොටුව පොලිස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
