ජාත්‍යන්තර සෙල්ලම් දිනය අදයි

ජාත්‍යන්තර සෙල්ලම් දිනය (International Day of Play) සෑම වසරකම ජුනි මස 11 වන දින සමරනු ලබනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN), යුනිසෙෆ් (UNICEF) සහ යුනෙස්කෝ (UNESCO) යන ආයතන එක්ව 2024 වසරේදී මෙම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ජාත්‍යන්තර සෙල්ලම් දින ජාතික උත්සවය අද (11) “කුරුණෑගල සකුරා පෙරපාසල් පරිශ්‍රයේ දී” පැවැත්වීමට නියමිතය.

“දරුවන්ට සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. ඒ ඔවුන්ගේ භාෂාවයි. සෙල්ලමින් පිරි ළමාවියක් හෙට ලෝකය ලස්සන කරයි!”