අමෙරිකානු යුද ගුවන් යානා සහ ප්‍රහාරක මිසයිල යොදා ගනිමින් ඉරානය තුළ පිහිටි ඉලක්ක කිහිපයකට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරන්නේ, ඉරානය සාම සාකච්ඡා ප්‍රමාද කිරීමට එරෙහිව මෙම පියවර ගත් බවයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර මාලාවත් සමඟ කලාපීය ආරක්ෂාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා.
අමෙරිකානු යුද ගුවන් යානා සහ ප්‍රහාරක මිසයිල යොදා ගනිමින් ඉරානයේ බන්දර් අබ්බාස් වරාය නගරය, කේශ් දූපත සහ සිරීක් ඇතුළු දකුණුදිග ප්‍රදේශ රැසකට මෙම ප්‍රහාර එල්ල වී තිබෙනවා.
ටොමහෝක් මිසයිල 49ක් පමණ මේ සඳහා භාවිත කර ඇති අතර, ඉරාන අගනුවර වන ටෙහෙරාන් නුවරට සැතපුම් 40ක් තරම් ආසන්න ප්‍රදේශවලට පවා ඉලක්කගත ප්‍රහාර එල්ල වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
