අද (15) සිට දිවයින පුරා ඩෙංගු මර්දන සතියක්

දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සඳහා අද (15) සිට යළි ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරෙනවා.

වැඩබිම්, රාජ්‍ය ආයතන, පාසල්, නිවාස ඇතුලු සියලු පරිශ්‍ර පිරිසිදු කිරීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඒවා අධීක්ෂණයට ද මෙම සතිය තුළ කටයුතු කෙරෙනු ඇති.

සතියක් තුළ වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අතිශයින් ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර එය පාලනය නොකල හොත් සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් වර්ධනය වනු ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ හේතුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,ජාතික ඩෙංගු මර්දන ඒකකය, අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිසිය එක්ව ජාතික ඩෙංගු මර්දන සතිය අද (15) සිට ක්‍රියාත්මක කරනවා.