අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 විභාගයේ ප්‍රතිඵල මේ සතිය අවසානයේදී නිකුත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය වෙනත් කටයුතු මේ දිනයන්හි සිදු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 විභාගය රට පුරා මධ්‍යස්ථාන 3545කදී 2026 පෙබරවාරි මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වුණා.
