කටුනායක සිට තලවකැලේ ලිදුල දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරළී තිබෙනවා.
එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කළ බව වටවල පොලිසිය පවසනවා.
ඊයේ (15) දින පස්වරු 4:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කැරොලිනා වත්ත ප්‍රදේශයේදීය.
විදේශ රටක රැකියාවක නිරතව සිටි තම පියාව ත්‍රීරෝද රථයෙන් කටුනායක සිට තලවකැලේ ලිදුල දක්වා ත්‍රීරෝද රථය ධාවනය කරමින් සිටියදී රියදුරුට නින්ද යෑම නිසා ත්‍රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන වටවල පොලිසියේ නිළධාරින් කියා සිටියේ.
අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.
