පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ H කාණ්ඩයෙන් පැවැති සෞදි අරාබිය සහ උරුගුවේ කණ්ඩායම් අතර තරඟය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
තරගය පුරාවටම දෙපිලෙන්ම දැඩි ආක්රමණශීලී ක්රීඩා විලාශයක් දදක්නට ලැබුණද ආරක්ෂක පෙළ ක්රීඩකයින් දක්ෂ ලෙස පන්දු පාලනයක නිරත වීම කැපී පෙනුණා.
මෙහිදී සෞදි අරාබිය වෙනුවෙන්, 41 වැනි මිනිත්තුවේදී අබ්දුල්ලා අල් අම්රි ගෝලයක් වාර්තා කළා.
උරුගුවේ කණ්ඩායම වෙනුවෙන් 80 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කලේ මැක්සිමිලිනෝ අරාවුරෝ ක්රීඩකයායි.
ඒ අනුව මෙම තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.
තරගය පැවැත්වුණේ ඇමරිකාවේ මියාමි හිදී.
