පාර්ලිමේන්තුව (24) අද පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.
පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත්තේ.
පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතයි.
කන්දසාමි ප්‍රභු මහතා – කිරි නිෂ්පාදන අංශයෙන් ස්වයංපෝෂිත බව ප්‍රවර්ධනය කිරීම.
හෙක්ටර් අප්පුහාමි මහතා – කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනිමට වැඩසටහනක් සකස් කිරීම.
එම්.එස්. උදුමාලෙබ්බේ මහතා – මඩකලපුව සිට පොතුවිල් දක්වා හෝ මාතර සිට කල්මුණේ දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීම.
ඉම්රාන් මහරූෆ් මහතා – කොරෝනා වසංගතය පැවති කාලය තුළ, ඒකපාර්ශ්විකව හා බලහත්කාරයෙන් මුස්ලිම් ජනතාවගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවීම.
නීතිඥ දයාසිරි ජයසේකර මහතා – රසායන ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම.
සුසන්ත කුමාර නවරත්න මහතා ශ්‍රී ලංකාවේ වන සතුන් කළමනාකරණය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රමවේදයක් සකස් කිරීම
ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා – සංවර්ධනයේ කලාපීය විෂමතා අවම කිරීම සඳහා වෙන් වූ විශේෂ සංවර්ධන අරමුදලක් පිහිටුවීම.
අනතුරුව ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
