දකුණු දිග ප්‍රංශයේ ලැව්ගිනි සීඝ්රයෙන් පැතිර යාම හේතුවෙන් විසිදහසකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ප්‍රංශයේ ජිරොන්ඩේ කලාපයේ හෙක්ටයාර 3,400කට අධික භූමි ප්‍රමාණයක් මේ වන විටත් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රංශයේ ආර්කාෂොන් බොක්ක ආශ්රිත ප්‍රදේශයේ ලැව්ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 700කට ආසන්න පිරිසක් මෙහෙයුම්වල නිරතව සිටිනවා.
මෙයට අමතරව ස්පාඤ්ඤය සහ ඉතාලිය යන රටවලින් ද දරුණු ලැව්ගිනි වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසනවා.
පවතින අධික උෂ්ණත්වය සහ වෙනස් වන සුළං රටාව හේතුවෙන් ගින්න පාලනය කිරීම සංකීර්ණ වී ඇති බවයි ප්‍රාදේශීය බලධාරීන් සඳහන් කරන්නේ.
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට ආසන්න ප්‍රදේශවලින් ද දහස් සංඛ්‍යාත ජනතාවක් ඉවත් කර ඇති අතර ඉතාලියේ සිසිලි දූපතෙන් ලැව්ගිනි 350කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
ඉතාලියේ සහ ප්‍රංශයේ ගිනි නිවීමේ මෙහෙයුම් අතරතුර ගිනි නිවන භටයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටිනවා.
