කටුනායකින් කුෂ් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

ඊයේ (27) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේදී කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 24 ක් වන ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.