“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය පසුගියදා (27) ආරම්භ වූ අතර එය අද (31) දිනය දක්වා ක්‍රියාත්මකයි.
අද (31) “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික සුපිළිපන් සතියේ අවසන් දිනයයි.
“පාරිසරික, සම්පත් කළමනාකරණ, ග්‍රාමීය සහ ප්‍රජා සවිබලගැන්වීමේ සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම” වෙනුවෙන් අද දිනය සැලසුම් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන, ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබනවා.
මෙම සතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීමයි.
