ඇස් ඉදිරිපිටම අළු වී යන මොණරාගල කෙසෙල් වගාවන්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයත් සමග දිස්ත්‍රික්කයේ වගා කර ඇති සෑම වගාවකටම දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ජනාවාස තුන ප්‍රදේශයේ වගා කර ඇති කෙසෙල් වගාවන් අක්කර ගණනක් මේ වන විටත් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.

කෙසෙල් වගාවන් දිනෙන් දින විනාශ වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපායටද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.