ඩෙංගු මරණ 74ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 97,235ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මරණ සංඛ්‍යාව 74ක්.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 20,671 ක්.

දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම රෝගීන් සංඛ්‍යාව 19,194ක් ලෙසද සටහන් වනවා.

මේ අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත වන්නේ බස්නාහිරයි. ඒ අනුව වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 51,279ක්.