ගාසා තීරය වෙත ලබාදෙන මානුෂීය ආධාර, “ආයුධයක්” ලෙස යොදා ගැනීම නතර කරන ලෙස, ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිමින් මානුෂීය සංවිධාන සියයකට වැඩි සංඛ්‍යාවක් ඒකාබද්ධ ලිපියකට, අත්සන් තබා ඇති බව වාර්තා වනවා.
ගාසා තීරයේ සිවිල් වැසියන් අතර සාගතය උග්‍ර වෙමින් පවතින බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ.
මානුෂීය සංවිධාන පවසන්නේ ඊශ්‍රායලයේ දැඩි රෙගුලාසිවලට අනුකූල නොවන්නේ නම් ගාසා තීරය වෙත ආධාර සැපයීමට අවසර ලබා දී නොමැති බවයි.
එහෙත් ගාසා තීරය වෙත ආධාර සැපයීම සඳහා සීමාවන් පනවා ඇති බවට සිදු කරන ප්‍රකාශ ඊශ්‍රායලය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.
ඉකුත් මාර්තු මස හඳුන්වා දෙන ලද නීති මගින් ආධාර, හමාස් සංවිධානය වෙත නොව ගාසා තීරයෙහි සිවිල් වැසියන් වෙත ඍජුවම සැපයෙන බවට සහතික කරන බවයි.
