ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ ඇන්කරේජ් ඇන්කරේජ් හි එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් හමුදා කඳවුරෙදි හමු වුණා.
යුක්රේනයේ යුද්ධය පිළිබඳව සටන් විරාමයකට එළඹීම ඇතුළු කරුණු කිහිපයක් අරමුණු කරගෙනයි මෙම හමුව පවත්වා ඇත්තේ.
නායකයින් දෙදෙනාම ඇන්කරේජ් හි එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් අමෙරිකානු හමුදා කඳවුරට ගුවන් යානා දෙකකින් පැමිණියා.
පළමුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට අයත් එයාර් ෆෝර්ස් වන් ගුවන් යානයෙන් සහ පුටින් ජනාධිපතිවරයාට අයත් ඉලියුෂින් 96-300 ගුවන් යානා වලින්ම බැස රතු පලස් ඔස්සේ පැමිණියා.
එහිදී ඔවුන් රතු පලස මත එකිනෙකාට ආචාර කර ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල රථයෙන් රැස්වීම් පවත්වන ස්ථානයට ගමන් කළා.
රුසියානු සහ ඇමෙරිකානු බලධාරීන් පැවසුවේ රුසියානු ජනාධිපතිවරා සහ ඇමෙරිකානු ජනාධිපතිවරා අතර සුහද සාකච්ඡාවක් පැවැත්වුණු බවයි.
එම සාකච්චාවලට අමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්, රුසියානු පාර්ශවය වෙනුවෙන් විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ විදේශ ප්‍රතිපත්ති සහායක යූරි උෂාකොව් එක්වුණා.
දෙපාර්ශවය අතර සාකච්ඡා පැය තුනක් පමණ පැවති බවත් සාකච්ඡා ඉතාමත් සුහදව සහ හොඳින් සිදු වූ බව ක්‍රෙම්ලිනයේ නියෝජිත කිරිල් දිමිත්‍රීව් පවසන්නේ.
සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හමුවකට ඩොනල්ඩ් ට්‍රුම්ප් සහ ව්ලැද්මීර් පුටින් ජනාධිපතිවරුන් දෙදෙනා සහභාගී වුණා.
ට්‍රම්ප් ජනාධිපතිවරා සඳහන් කළේ සාකච්ඡා ඵලදායී බවත් යුක්රේන – රුසියානු අර්බුදය පිළිබඳව ඇති වූ සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ඇති බවත් ඔහු සදහන් කරා.
එහෙත් කිසිදු සටන් විරාම එකඟතාවයකට නොපැමිණි බව ඔහු එහිදී අවධාරණය කර සිටියා.
යුක්රේනය සහ යුරෝපීය රටවල් යුක්රේනය සඳහා වූ සාම ක්‍රියාවලියට බාධා නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එහිදී පැවසුවා.
ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත් ට්‍රම්ප් ජනධිපතිවරයා සාමය වෙනුවෙන් කරන ක්‍රියාදාමය රුසියානු නායකයා අගය කළා.
ඒකාබද්ධ මාධ්‍ය හමුව අවසානයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මොස්කව් වෙත පැමිණෙන ලෙස රුසියානු ජනාධිපතිවරයා ආරාධනය කරා.
