කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එයාර් බස් ගනුදෙනුවකට සම්බන්ධ විමර්ශන අදාළවයි.

අද (13) පෙරවරුවේ ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අතර දීර්ඝ ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් පසු කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන තිබුණා.