දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසමට අවසර

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මේ වන විට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නා.

මෙම සිද්ධියට අදාළව බන්ධනාගාරය තුළදී දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම අද අධිකරණයෙන් ඉල්ලීම් කළා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය බන්සිධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසමට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.