සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සොහොයුරා වන රාජු නමැත්තා ඉන්දියාවේ සිට හෙට (17) දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිතයි.
එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් හෙට(17) පස්වරුවේ ඔහු මෙරටට රැගෙන ඒමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද මේ වන විට ඉන්දියාවට ගොස් තිබෙනවා.
වෙනත් රටකට පළා යාමට සූදානමින් සිටියදීයි රාජු නමැත්තා පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ නවදිල්ලි ගුවන් තොටුපලේදීයි.
