ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය යටතේ පැවැත්වෙන 35 වැනි කමිටු සැසියේදී, එම සම්මුතියට අදාළව ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද පළමු වාර්තාව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මූලස්ථානයේදී සමාලෝචනය කිරීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගී වීමට නියමිතය.
මෙම නිල දූත පිරිසට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා බාලපටබැඳි මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තිළිණි ජයසේකර මහත්මිය ඇතුළත් වේ.
