ගල් පර්වත පෙරළී නිවසක් කුඩු – 3ක් රෝහලේ

ඇල්ල, බල්ලකෙටුව දොඩම්ගොල්ල වසමේ නිවසක් මතට ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ විශාල ගල් පර්වත කිහිපයක් පෙරලීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ රැඳී සිටි යුවලක් බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂන රෝහලට ඇතුලත් කර ඇති අතර අසල නිවසක සිටි පුද්ගලයෙකුද සිද්ධිය නිසා ඇති වූ කම්පනය හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

තවත් නිවසක මිදුලට හා වත්තටද මෙම ගල් පෙරලී ඇති අතර තේ පැළ තවානකට හා තේ වගාවකටද දැඩි ලෙස හානි සිදුව ඇත.

නිවසට ඉහළින් ඇති උස් කඳු ප්‍රදේශයක මීටර 900ක පමණ උසක සිට මෙම ගල කඩාවැටී ඇති ඇතර අධික වේගයකින් පෙරළී මෙලෙස අනතුර සිදුව තිබෙනවා.

මෙම තත්වය නිසා පවුල් දෙකක් මෙම ස්තානයෙන් ඉවත් කිරීම සිදු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ජාතික ගොඩනැගිලි හා පර්‍යේශන ආයතනයේ නිරීක්ශනයට ලක්කර අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට කටයුතු කරන බව ඇල්ල ප්‍රාදේශිය සබා සභාපති පැවසුවා.